ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉතා අර්බුදකාරී වටපිටාවක් නිර්මාණය වී ඇත. පක්ෂ භේදයකින් තොරව රටේ ජනතාව වීදි අරගල දක්වාම තල්ලු වී තිබේ.
දෛනිකව ඉහළ යන දරාගත නොහැකි බඩු මිල. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම. පැය අටකට වඩා දීර්ඝ වූ කඩින් කඩ සිදු කරන විදුලි කප්පාදුව. කිරිපිටි, ගෑස් සහ ඉන්ධනවල හිඟය වැනි මහජන අවශ්‍යතා සපුරාලීමට පවතින රජය අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාව තුළ මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වී ඇත.
ආණ්ඩුවට විරුද්ධව නිහඩ විරෝධතාවයන් ශ්‍රී ලංකාව පුරාම ඊයේ දිනයේ සංවිධානය කර තිබුණි. මෙයට සමගාමීව ශ්‍රී ලාංකිකයින්ට ශක්තියක් වෙමින් විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ද විරෝධතාවයන් සංවිධානය කර තිබුණි. නවසීලන්තයේ ඕක්ලන්ඩ්, නෙල්සන්, ඩනේඩින් යන නගරවලත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරත් ඇමරිකාව, දකුණු කොරියාව වැනි රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙම විරෝධතාවයට සහයෝගය දක්වන ලදී.
නවතම තොරතුරු අනුව හදිසි නිතීය ඉවත් කළ බවත් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ බවත් දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය…
ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.