fbpx
8.7 C
New Zealand
Tuesday, May 24, 2022
spot_img

ශ්‍රී LankaNZ වෙසක් සීල භාවනා වැඩසටහන

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ
අනාත්ම වූ සසර ගමනක සැරිසරන අපහට නොසිතන කරදර බාධාවලට බොහෝ විට මුහුණදීමට සිදුවේ. නමුත් අභියෝග හමුවේ අපගේ ආධ්‍යාත්මික පිළිවෙත් පිරීම අත්හැර දමා අප ප්‍රමාදී වියයුතු ද නොවේ.
භාග්‍යවතුන් වහන්සේව හදවතින්ම සරණගිය නුවණැති ශ්‍රාවකයන් වන පින්වත් ඔබ කෙරෙහි මහත් කරුණාවෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2563 වැනි වෙසක් පුන් පොහෝය දින නිමිත්තෙන් මැයි මස 9 වැනිදා සීල භාවනා වැඩසටහන සමඟින් ඔබේ නිවසේ සිටම සම්බන්ධ වීමට පුළුවනි.
නවසීලන්තයේ බෞද්ධ විහාරස්ථාන හයක වැඩසිටින ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සීල භාවනා වැඩසටහන උදෑසන 8.00 සිට සවස 5 දක්වා ශ්‍රී LankaNZ YouTube channel සහ ශ්‍රී LankaNZ Facebook page ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
නිවසේ තෙරුවන් වන්දනා කරන ස්ථානය පිළියෙල කොටගෙන මල්, පහන්, සුවඳ දුම් සම්බුද්ධ පූජාදිය හැකි පරිදි සූදානම් කොට පවුලේ සියලුදෙනා සමඟ පේවී “ශ්‍රී LankaNZ වෙසක් සීල භාවනා වැඩසටහන” සමඟින් නිවසේ සිටම ඒකාත්මික වන්න.
තෙරුවන් සරණයි !

මැයි මස 9 වෙනි සෙනසුරාදා…
ප.ව. 1 සිට 2 ධම්ම සාකච්ඡාව – පූජය වැලිමඩ ජිනාලංකාර හිමි
(සාකච්ඡාවට සම්බන්ධ වීමට අවශ්‍ය දායකයන් Skype https://join.skype.com/SqPpGgJuwRGC හරහා සම්බන්ධවිමට හෝ ඔබගේ ප්‍රශ්න අප වෙත වැඩසටහනට පෙර info@srilankanz.co.nz email ලිපිනයට ලැබෙන්න සැලැස්වීමට ද අවකාශ ඇත.)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.