ශ්‍රි ලංකන්ස් පුවත්පතට වසරක් පිරීම නිමිති කරගනිමින් zoom තාක්ෂණය ඔස්සේ පුවත්පතට ලිපි, කෙටිකතා, කවි ආදිය ලියූ ලේඛක ලේඛිකාවන් එකතු කරගනිමින් සංවාදයක් පසුගිය ඉරු දින සන්ධ්‍යාවේ පැවැත්විය. එහි දී විස්සකට අධික පිරිසක් පැය දෙකකට ආසන්න කාලයක් සජීවීව අප හා සම්බන්ධ වෙමින් විවිධ වූ අදහස් යෝජනා බෙදා හදා ගත්තේය. එම අදහස් පුවත්පතෙහි ඉදිරි ප්‍රගමනයට ලැබුණු මහත් වූ රුකුලකි. එපමණක් නොව ලේඛක ලේඛිකාවන් හඳුනා ගැනීමට ද අවස්ථාවක් උදාවිය.
Facebook Comments Box