fbpx
20 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ළමා ලෝකය හැඩකල සිබිල් නැන්දා – දිමුතු විජේසූරීය – Wellington

Must read

අනූතුන් වන වියේ පසු වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය 2020.06.30 දින තම දිවිසැරියට සමුදුන්නාය.


කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය දකුණු ලක ගාල්ලේ ගිංතොට ගම්පියසේ 1927.10.31 දා උපත ලද්දාය.

1952 දී ලංකාදීප පුවත්පතේ “ළපටි පෙළ” පිටුව චිත්රනය කරමින් ශ්රී ලංකාවේ ප්රථම ජනමාධ්යවේදනීය බවට පත් වෙමින් ඇය තම කලා දිවිය ආරම්භ කළාය.

කුඩා දරුවන්ගේ සිත් තුළ නොමැකෙන ලෙස කතන්දර පින්තාරු කළ ඇය ආදරණීය සිබිල් නැන්දා විය.



230ට අධික ළමා කතා පෙළක් ඇය රචනා කළා පමණක් නොව විවිධ භාෂාවන්ගෙන් ද ඇතැම් පොත් පරිවර්තනය කර ඇත. ඇයටම අනන්ය වූ චිත්ර ශෛලියක් උරුම කරගත් හෙයින් ලොව හොඳම චිත්ර ශිල්පීන් පනස් දෙනා අතරට එක් වූයේ ලක් මවට ද කීර්තියක් අත්කර දෙමින් ය.

සිතුවම් මගින් ළමා සිත් ඇද බැඳ ගත් ඇයගේ ළමා කතා පොත් ජාත්යන්තර ඇගයීම්වලට ද ලක්විය.එමෙන්ම දෙස් විදෙස් සම්මාන රාශියකින් ද පිදුම් ලද ඇය අන්තර්ජාතික චිත්ර තරගවල ජූරි සභාවන්ද නියෝජනය කර ඇත.



1992 වර්ෂයේදී ජපන් රජය ඇගේ සේවය අගයමින් ගෞරව සම්මානයක් ද 1996 වර්ෂයේදී ඇගේ ප්රථම පොත වූ” කුඩ හොරා” පොතට හොඳම විදේශීය කතාන්දර පොත ට හිමි සම්මානය ද හිමි විය.තවද ජපානයේ පුස්තකාල සංගමය විසින් ප්රසිද්ධ ළමා කතා පොත ලෙස “කුඩ හොරා” පොත නම් කළේය.

කුඩ හොරා, කුසුමලතා, දුවන රැවුල, අච්චාරු මුට්ටිය, ආදර මිතුරො ඇගේ පොත් ගොන්නට අයත් තවත් කතා පොත් කිහිපයෙකි.



ශ්රී ලාංකික ළමා කතා සාහිත්යයට සිබිල් වෙත්තසිංහ මහත්මිය ලබාදුන් ආලෝකය අතිමහත්ය. ලක්දෙරණේ මතු ළමා පරපුර ඉමිහිරි කතන්දරවලින් සුපෝෂණය කරමින් දේදුනු පැහැයෙන් වර්ණවත් කළ ආදරණීය සිබිල් නැන්දෙ ඔබට නිවන් සුව!!!

දිමුතු විජේසූරීය
Wellington
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.