නෙක නෙක විසිතුරු
අහර සහ පලතුරු
දකින විට අනේ මට
සිහිවෙයිද එහි ගුණය
නෙක නෙක විසකුරු
මිනිසුන් තුළ වී සිරකරු
සිටින විට අනේ මට
සිහිවෙයිද එම කෙලේසය
නෙක නෙක සුමියුරු
තාල නාද පැතිරුනද
ඇසෙන විට අනේ මට
සිහිවෙයිද නිහඬ හඬ
සිහිය නුබ නැති දාට
මම දුටුව මගේ රුව
මට දැනුන මගෙ බව
අනේ මට නැති වුණා
නුඹ ආව එම විගස
අන්ජන අබේරත්න
Wellington