Home Poems සිදුහත්..යශෝධරා – Changa – Auckland

සිදුහත්..යශෝධරා – Changa – Auckland


දෙව්දහ නුවරට පෑයූ පුන්සඳ

කිඹුල්වතේ දිලුනාවේ
හේවිසි හොරණෑ ප්‍රශස්ති ගායන
නුවර පුරා ඇසුනාවේ
චාමර සේසත් නෙකවන් විසිතුරු
නුවරුන් මන බැඳුනාවේ
උරුවිසි පරයන රෑසිරු ඇති ඈ
සිදුහත් අත ගත්තාවේ

දෙව්ලොව පරසතු උයනේ පිපි මල්
සුවඳින් දසතම නැහැවෙන්නේ
දෙසවන් නලවන විහඟ ගීත නද
පන්සිලු වීණා පරදන්නේ
නිල්දිය පොකුණේ රණ තිසරුන්නේ
කිමදැයි ඉවසිලි නැති වන්නේ
ඇය එයි හනිකට ඔබ දැක ගන්නට
පෙම්බර හිමිසඳ සමගින්නේ

ආත්ම ගනණක හද රැඳි සෙනෙහස
මල් පල ගැන්වී ඇති සේයා
හිරු සඳු පරයන කුමර කුමරියන්
පෑහෙන්නේ රන් රස සේයා
සම සිත් සම මෙත් සම ශ්‍රද්ධා ඇති
යුවලකි එය කලුනික සේයා
මෙත් මුදිතා කරුණා පිරි පතිනිය
මැදුරට සිරිකත දෙන සේයා


Changa – Auckland 
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.