දෙමාපියන් හා දරුවන් අතර ඇති බැදීම මෙතෙක් යැයි තක්සේරු කල නොහැක. මව් පිය සෙනෙහසින් මිදී ටික කලකට දුර ඈත රටක පදිංච් වූ මා, යලිදු ඔවුන් දැක ගැනීමේන් ඇ ති වූ සතුට කවියට නැගුනු වස්, මා අතින් ලියවුනු සිනහ මල් පොදකි මේ…
කලක් තිස්සේ බලා උන්නු දිනය එලබුනා
ලස්සන අපෙ පුංචි ගෙදර ජයට හැඩ උනා
දෙමාපියන් අප බලන්න
සත්සමුදුර එතෙර කරන් එනව අදදිනා
එලබූනාවූ අද දින අපේ හරිම ලස්සනයි
අසුනාවූ කුරුළු ගීත හරිම කන්කළුයි
උඩුමහනින් බලනා කල
වටපිටාව හරිම පියකරුයි
වසන්ත යේ සුවද පිරුණු අද දිනය ලස්සනයි……
සෙනග පිරුණු ගුවන් තොටේ – අප දෙදෙනා බලා උන්නේ
මල් පොකුරක් අතින් අරන් දෙමාපියන් පිලිගන්නට
අවුරුදක් දැකලා නෑ – දැකගන්න්ට ඉවසුම් නෑ
මුණ ගැසුනා අප සිවුදෙන පිරුණා හදතුල සොම්නස
Gayani Silva Wellington