ආදරණීය සඳා
තරු මැද අහසේ බැබලුනු සද ඔබ
අපගෙන් වෙන්වී ඔබේ ලොවේ අද
සසලවූ මාහද කැදව යයි මෙලෙස
මිතුදමින් පිරි අපේ අතීතය වෙත
නැත මට සිටියේ ලොවට මිතුරන්
සිටි අතලොස්සට විශේශ උනි ඔබ
මතකයි අද වගෙ ඔබ දුටු ඒ මුල් දින
දෙනොදහක් පිරි ජනතා පොල මැද
ඔබට දැනුනු ලෙස මටද දැනුනි සද
ඔබ මා මිතුරන් වන බව මතු දීන…….
සිහිනය අපගේ සැබැකරන්නට
ඔබ මා ඒක්කල ටියුශන් පන්තිය…….
නැත කවදාවත් ඔබටත් මටවත්
සහෝදරයන් සහෝදරියන්
ඒ හින්දාමයි අපගේ මිතුදම
දින දින වැඩූනේ අපටත් නොදැනිම
ඔබට මටත් මට ඔබටත්
ශක්තිය වූ මේ අපගේ “මිතුදම”
ඔබ සුබ මොහොතින් මනමාලියවී
ඔබගේ ලෝකේට පිය මනිනාදින
ගව්ගානක් දුර සීතරටක සිට
සුබ පැතුවා මා සතුටු සිතින්
තුන් වසරක් ගෙවිලා ගිය දින
මා දුටුවේ ඔබ පුන්සද විල්සින
ඒ මා නැවතත් මව් බිම ආදින
පෙනුනා මට ඔබ සතුටින් බව
රෝස මලක් ලෙස බැබලුනි ඔබ සද
කළු වර වූ අහස් තලය වලා කුලින් බර වෙද්දී
මගේ නෙතට කදුළු පිරුණි මා දැනුවත් කල පුවතින්
අදහන්නේ මා කෙලෙසද ඔබ අප හැර ගිය බව
මේ මුළු ලොව මා වටකර නතර උනා සුළු මොහොතක්
ඔබේ නිසල වු දේහය දැක ගන්නට බැරිවීය මට
ගවු ගානක් දුරක ඉදන් ඉකි ගැ සුවා මා තනියම
සොදුරැ මිනිස් ගති ගුණ ඇති මිතුරික ලෙස
නැවත හමුවේමු අපි “සදමාලි”