බිදුණු මල් බදුනේ
ඉරි තලා
මැලියම් තවරා
ඇලෙව්ව ද බිදුණු කැටයම්
ඒ තැලූනු ඉරි නොමයයී මැකී
සමනල තටු දෙඅත විදහා
ගියද පියාඹා
වැටුණ වැහිබිදු
තැලුවාය ඒ සියුමැලි සමනල තටු
නැවත නැත ඉඩක්
සලා පියඹන්නට ඒ තටු
පරවූණු මල්වල රොන් නැත
ඒ මල්වල හැඩ නැත
විදින්නට කිසිවකු නැත
පෙති සැලී තැළුණු මල්වල
සුසුම් නූඹ ළග නතර වුණි
උණුහුමේ පහස ගිලිහූණි
දුටුවාද ඒ නෙතු පියන්
රැවටුණෙ ද මන්දා අහිංසක සිත්
කළේ ඇයි ද මන්දා ආදරේ මං
බිදුණු සිතකට දැන්
By Nirangi Wasana