fbpx
12 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මීවිත, මියැසිය හා මියුලැසිය-3 – ක්‍රිශාන්ත වෑවිට – වෙලිංටන් නුවර

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මී විත, මියැසිය හා මියුලැසිය සමඟින් රුබයියාට් හා ඔමාර් ඛයියාම් ගැන කියැවූ ඔබ වෙනුවෙන් දැන් මගේ ප්‍රයත්නය එහි වූ කවි කීපයක් සිංහලට අනුවර්ථනය කිරීමයි.අද පළමුවෙන්ම රුබයියාට් හී රසවත්ම කවියක් සිංහලට නැගුමට මා ගත් කුරා කුහුඹු උත්සාහයයි මේ.

රුබයියාට් හී ඉංග්‍රීසි පරිවර්තනයේ දොළොස්වෙනි පැදි පෙළ මෙයයි. බොහෝ දෙනා කියනා පරිදි රුබයියාට් හී කව් පේලි අතරින් ජනප්‍රියම කවිය මේයැයි සැලකේ. එය මට නම් අරුමයක් නොවේ. මන්දයත්; මීවිත, මියැසිය, මියුලැසිය වදන් ත්‍රිත්වයම මේ කවියට අනුගත වී ඇති හෙයිනි.

XII (5TH Edition) by Edward Fitzgerald.

A Book of Verses underneath the Bough,

A Jug of Wine, a Loaf of Bread–and Thou

Beside me singing in the Wilderness–

Oh, Wilderness were Paradise enow!

A direct and raw translation of the above poem would read like this. “In a quiet place, with bread to eat and wine to drink, while you sing (read) poetry to me, such a place would be Paradise”.

*——–*——-*——*——*——*——*——*——*

අපේ ගම නිරිපොලපිහිටා  තිබෙන්නේ කොළඹට නුදුරිනි. කොළඹ සිට high level පාරේ කි.මී. 42 පමණ එහෙමත් නැත්නම් low level පාරේ කි.මී. 32 පමණ අවිස්සාවේල්ල දෙසට එනවිට කළුඅග්ගල හන්දියෙන් ලබුගම ජලාශය දෙසට හැරී තව කිලෝමීටරයකින් පමණ නිරිපොලට සේන්දු විය හැක. ආසන්නම නගරය හංවැල්ලයි. දෙමපියන් රජයේ සෙවකයන් වූ බැවින් කුඩා කළ ගමෙන් පිටත තැන තැන ජීවත් වූ අපි හැම පාසැල් නිවාඩුවකටම නොවරදවා ගමේ ගියෙමු. අපට තිබුණේ එක ගමකි. ඒ අම්මයි, තාත්තයි දෙදෙනාම එකම ගමේ උපන්නන් වූ බැවිනි. වාසනාවක් හෝ අවාසනාවක්දැයි නොදන්නා නමුදු, එය අතිශයින්ම පහසුවක් වූ බව නම් කිව යුතුය. පසුව දෙමාපියන් විශ්‍රාම ගත් පසු ස්ථිර පදිංචිය සඳහා අපි ගමට පැමිණියෙමු. කුඩා කල සිට ගමට අප තුළ වූයේ ඉමහත් ළඹැදියාවකි. රබර් වතු, ඇළ, වේලි, කඳුවැටි, ගල්තලා, වෙල්යායවල් හා ගමේ එක මායිමකින් ගලා ගිය වක්ඔයනිරිපොලට එක් කළේ අපමණවූ සුන්දරත්වයකි. මේ සුන්දරත්වයේ අගය ගම්මුන් දැන සිටියාදැයි මට ඇත්තේ සැකයකි. එසේ දැන සිටියා නම් නිරිපොල වෙල පුරන්ව යන්නේ නැත. අනවසර වැලි ගොඩ දැමීම් නිසා වක් ඔය එක තැන පල් වෙන මඩ ගොහුරක් බවට පත්වන්නේද නැත. එය වෙනම කතාවකි, ……..හද කකියවන.

වාසනාවකට අප ළමා කාලයේ හා ගැටවර වියේ මතකයන් තාමත් තරුණය. ඒ නීසා වෙන්නැති     ඛයියාම්ගේ ඉහත කවිය කියැවූ සැනින් මට මතක් වූයේ, මට මතක’….. වක්ඔයයි.           

 

*——–*——-*——*——

වක් ඔයට පාත්වුණු උණගහක් යට ඉඳන්,   

ගී පොතයි මී විතයි බයිට්එකකුත් හදන්,

කණට කර සීරුවට ඔබ ගයන හැටි අහන්,

ඉන්න මට වෙන කුමන දෙව්ලොවක්දෝ කියන්.

*——*——*——*——*

ක්‍රිශාන්ත වෑවිට

Chrishantha Wevita – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.