කවි ලියන සිත දකින – මග නොඑන දුර සිටින
මුව ගොළුව නෙතු දොඩන – සඳවතට ලොබ සිතින
නිදි වරව දිවි ගෙවන – මල් නිදන රැය දිගුය
සඳලියක සිරි ගෙනෙන – මත් සිහින මනරම්ය…
හිමි නොවන නෙතු තෙමන – ස්නේහයේ රිදුම් ඉර
සිතුවමකි ඔබම ඇදි – සෙවණැලි ද බොඳව යන
මල් පාට හිමිදිරිය – සඳ පාට රාත්‍රිය
රැස් විදින දහවල ද – මත් බමන නිශාව ද
නොවෙනස්ව රැගෙන එන – ප්‍රේමයේ සාංකාව
තිළිණයකි මග කියන – සිත් අපේ යා කෙරෙන
මන බදින සිත නිවන – වත නුඹය නෙතු තෙමුව
තනිය රැකි හැඟුම් පොද – සුසුම් රැදි හැඟුම් පොද
හද ගොළු වු තැන එතැන- ප්‍රේමයේ සාංකාව
නෙතු දෙඩුව මුව ගොළු වු -එතැනමය තැන…