සන්ත්‍රාසයේ සැඟවුණ දුක් විමසන්න
සන්තාපයේ කඳුලැල් මුදවාලන්න
සන්තෝසයේ රිවි කිරණින් නැහැවෙන්න
සන්තානයේ අභිමන් ඉවසා ගන්න
සුසුමත් කඳුළු දහරත් අඩු නැති පාරේ
ලෙයකින් දිවිය දුන් විරුවන් අත නෑරේ
මිහිදන් වුණේ නැති හද ගැස්මක ආරේ
පුදපන් ලක්මවට සෙනෙහස ඇති සාරේ
එක සිත් ඇතුව පෙලකට පෙළ ගැසීයන්
එක එක පාට සිත්තමකට ඇඳීයන්
ඉන්නා ටිකට සෙනෙහෙන් අත් බැඳීයන්
ලක්මව් කඳුළු දෝවන්නට ලැබීයන්
සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවෙල – ඕක්ලන්ඩ්