නවම් උණුසුම් සුළඟ දසතින් හමන දවසක…
එක හීසර නෙත් බැල්මකි ම‘වෙත…
කාන්තාරයක්ව ඉරිතැලී සිටි මා හිත් මඩල…
ක්ශණයෙන් මල් උයනක්ය පිබිදුන !
ඉනික්බිති,
ඔබ සිහිවෙන හැම වරකම…
ඍතුවක වගක් නොදැනම…
මල් පිබිදුනි නිරායාසයෙන්ම…
විකසිතව පිපී ලොවට සුවඳ හමන…
එහෙත්,
එක බඹරෙකුටවත් ලන්වීමටවත් නොමදෙන!!
By Achala Nelunika – Auckland