fbpx
20 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කෝවිඩ්-19 සංවත්සරය | ප්‍රියන්ති ඕපාත | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හැරී බලමි වසරක් ගෙවුණු දින
කෝවිඩ් නමැති මරුවා සපැමින
කිසිකෙනෙක් අකමැති ඒ අතීතය
සිහිකරමි එයින් ගතයුතු පාඩම
මෙයයැයි කියාදෙන්නට ලොවට.
ගතින් හමුවීම සිහිනයක් වුණා
“සූම්” එකෙන් අපි හමුවුණා
“සූම්” පරිහරනයට අපි හුරුවුණා
මුළුලොවම විශ්ව ගම්මානයක් වුණා.

ගෙදර ඉඳගෙන වැඩකිරීමට පෙළඹුණා
පාසල්  විශ්ව විද්‍යාල පවා අනුගත වුණා
එදිනෙදා  ඇවතුම් පැවතුම්ද ඒවටා රොක්වුණා 
කිසිකෙනෙක් නෑ බෑ යයි මැසිවිලි නොනැඟුවා. 
වෙනදා නොදන්නා ඒත් අඩි පාරෙදි හමුවුණු
සිනාකැන් පොදක් වත් නොතැවරුණු 
අපේ දෙතොලින් නොදැනීම සිනාමල් මතුවුණි
අසල්වැසි සබඳතා දලු දමා ලියලුනි.

දකින දකින දේ නොමගෙන 
ඇවැසි දෙය පමනක් මිළට ගෙන
හොද පුරුදු වඩ වඩා වඩාගෙන
සිනාසෙන්නට හැකිවුණා වඩා සෙන
එදා බුදුබණ අදට මොනවට ගැලපුණා
කිසිදෙයක් නිච්ච නොවනා බව පසක්වුණා
වැඩි සතුට අසතුටක් බවත් තේරුණා
කෝවිඩ් ඔබ හැමට බුදුදහම පෙන්නුවා.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.