මියුරු මදිරා පෙරූ වසත් බාඳුරාවේ
අනඟ කැළුමින් නුරා මත්ව මීගුලාවේ
මිදෙනු කිමදෝ වෙළී සුරත් බැන්දුනාවේ
තුසිත තලයේ විසී මනස් මාළිගාවේ
නෙලා පැළැඳ කඩුපුල් මල් සුවඳ කවා
උනා වරල පළදා රන් පියළි නවා
වඩා ගෙනා හිඳුවා සිරි යහන මවා
හීත සළුව උනවා පෙම් පහස දවා
තුංඟ ගිරි මුදුන් පරයා නැගෙන සඳ
වින්ද නෙක කැළුම් පොබයා දිලෙන වැද
සින්ද රුපු ලදින් විජයා දෙරණ වෙද
මන්ද තොස නොවෙන් බඹලෝ සුවය ලද
නයනශාන්ති දිසානායක – ශ්රී ලංකාව