fbpx
11.2 C
New Zealand
Sunday, April 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නැදුන්ගමුවේ රාජාගෙන් | අනූ – වෙලින්ටන්

Must read

රාජකාරියේ ඉඩක් ලැබුණා
මාමා ළඟ මං ගිමන් නිව්වා
රට තොටේ වග කිමද ඇහුවා
මූණු පොතේ මා හැමතැනම කීවා

මා නුවර ආ ගමන දැකලා
පෙළක් අය කැළඹිලා තිබුණා
ගිමන් හරිනට වෙලා නැතුවා
මාමේ මේ ටික ලියමු කීවා

කොටන් ඇද මහ වෙහෙර තැනුවා
රණබිමේ අපි පෙරට උන්නා
මගුල් මඩුවේ ජයට ඇඳලා
හෙළයෝ සමගින් අපිත් හිටියා

කැලෑවේ අපෙ වරිගෙ උන්නා
ඉඳලා හිටලා ගිහින් බැලුවා
මා ගැනත් තතු තතු ඔවූන් ඇසුවා
සැලකුමයි වැඩ ටික කිව්වා

මෙහේ හරියට කන්න නැතුවා
කැලෑවත් දැන් නතුව යනවා
උඹ හොඳින් නම් සතුටු වෙනවා
කියා ආ පිට මාව එව්වා

පෙරහැරේ අලි වැඩේ කෙරුවා
පෙළක් අලි  මහ කොටන් ඇද්දා
මනු ලොවේ ඇති ප්‍රශ්න නැතුවා
මේවා පැවරුම් ලෙසම සිතුවා

පිට රටත් මගේ උරුමේ කියලා
මූණු පොතේ මහා සටන දුටුවා
අස්පයෝ දැන් තරගෙ නිමවා
ගොසින්දො වනපෙතට සිතුණා

ඉලක්කෙට වෙඩි තියල තිබුණා
කුරුලු පරපුර සටනේ නැතුවා
සිරිලකේ පෙර විරිත දැකලා
සූද්දො කුමකට කඳුළු සැලුවා

මගේ අයිතිය මටම දීලා
නීල වන පෙත ඉතුරු කරලා
යුතුකමක් උරුමයක් හිතලා
හිට ගනින් හෙළ පුතෙක් විලසා

විවේකය දැන් නිමා වෙනවා
මාමටත් දැන් වෙහෙස ඇතුවා
සසර අපේ නිම වෙන්න  සිතලා
මෙවර  දළදා සමිදු වැන්දා…..

තමන් කළ හැකි දෙයක් නොසිතා
අයිතියක් ගැන වටේ දුවලා
යුතුකමක් උරුමයක් නො සිතා
එලව යන්න ඉන්නේ උඹලා…..

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.