පා යුග රනින් නිමැවූ
සිතූපැතූ සම්පත් ඉටු කෙරූ
සීතල කුණාටු මට නොදැනෙන්නට සැලසූ
ඉනිමගකි එය සවිමත්.
අඩියෙන් අඩියට සෙමින් ඉහළට
ජීවිතේ විවිධ යුග වල
ඉනිමගේ සවිමත් පිහිට ලැබ
කිසිදිනක නොතැබුවෙමි පා ආ පස්සට.
කෙමෙන් කෙමෙන් ඇදෙද්දි ඉදිරියට
දුටුවෙ මම හරි පුදුම විස්තර
මොනතරම් වෙහෙසක් දැනුනත් පහළට
ඇසුනෙ නැත මැසිවිලි කිසිම දින.
පෙනෙනමුත් මට අලුත් ලෝකය
දනිමි පා තිබි දිනය මිහිමතනි
මා නොවන මේ සසර මග තුළ
මමත් දැන් පාදයකි යුගලක.
රන් ඉනිමග | අචලා නිලුනිකා | ඕක්ලන්ඩ්


ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.