කාලයක් තිස්සේම තුරුල දී සුවෙන්,
ජීවිතය පසෙකලා පපුවදී වැරෙන්,
නොහැකි තැ න දිනකදී
අත් හැරුණු පසු මිටින්…
තටු ලබා පියා ඹයි
කුරුල්ලන් මෙන් සැණින්
දස මසක් කුස දරා ලේ හැ රුණු පසු කිරට
කිසි දිනෙක මව් කෙනෙක්
නොපෙන්වයි දුක් පුතුට
හදවතේ ගිනි කන්ද
පිපිරිලා ගොස් අදට
වසරකුත් ගතවෙලා
මතකයිද නුඹ හට
ඇස් වලින් නැගෙන කඳුළු
පිසදා හොරාට…..
කොයි තරම් සිටිය මුත්
සිනහා තවරා පිටට…..
එක් දෙයක් කියන්නම්
මගේ පුතේ නුඹ හට…
විශ්වයක් තරම්
ආදරේ තවම මා ළඟ!
ශිරන්ති ප්රනාන්දු – ශ්රි ලංකාව