මතක අතරින් හිනාවෙන ඒ සැඳෑවන්
කළුවර මැදින් පීරෙනා හරි ලතාවන්
හුස්ම හදවත හිරවෙනා වේලාවන්
කඳුළකින් ලියවෙලා ආදරේ කතාවන්
නිහඩ කෙර වූ ආදරේ කතාවන්
පිටු අතර තුරුළු වී හරි උණුහුමින්
අමතකම නොකෙරෙන රෑක උන්
කඳුළු මැද්දෙන් ගලායන රටාවන්
හැඩකර යැවූ ලස්සනම ඒ මතකයන්
ගොළුව ගිය හැටි උන් තනි කරන්
හිර වෙච්චි ඒ සුන්දරම හීනයන්
තාම රිදෙනවා පපු හිල් කරන්!
කප්පරක් තව ඇති…
මේ වගේ කතාවන් !
ගවිත්‍රී යටිගම්මන – වෙලිංටන්