කව්දෝ ලිව්වේ කවි දිනිසුරුට
ලිව්වේ හැමදේම සිසිල් සඳවතිට
කාටද ඇහුනේ හදවත් බිඳෙනා හඩ
ඇහුනේ හැමටම හද ගැහෙනා හඩ
බර අඩි තිබ්‍බත් ඊළඟ රැල්ලේදී මැකෙනා
රැල්ල වගේමයි මිනිස් හිතත්
කිසිවක් හිමි නැති පුහුදුන්
මේ ටික දවසේදී බදාගෙන හැමදේ
ඇයිදෝ නොදනිති පව් මලු කර ගහගෙන
දැවී අළුවී ගියත් ආදරේ කළ පවට
කවිවුව ලස්සනයි හදවත රිදෙන කොට
By Priyanthi Opatha – Auckland