පුරා තිස් පස් වසක්
එපිටදී එක් දිනක
රුදුරු වූ යුද බියෙන්
ගිනිගනිද්දි පොළව
ඔබ නිසා හද උපන්
දරු සෙනේ වැඩි නිසා
පිටු පෑමි මවු බිමට
කදුළු අතරින් වුවත්
ගෙවී ගිය කාලයේ
මාද ඔබ පියානන්
දහදියෙන් කදුළින්ද
එළිය කළෙ ඔබ දිවිය
මල් පිපි ගිය ලොවක
හිනැහෙනා මපුතුනේ
ඔබ වැනිම දූ පුතුන්
සුවහසක් ඇත එපිට
පිහිට අයැදින නෙතින්
දෙනු මැනවි ඔබ වෙතින්
ශේෂයක් හෝ ඔබෙන්
එයයි මා ඔබෙන් ලත්
සදා නොමියන තිලිණ
මව්වරුන්ගේ දිනේ
එපා මට මල් මිටක්
එපා මට මල් මිටක්.
By Rani Kirimetiyawa