වචනයක් දොඩන කල්…
සිනහවක් නගන කල්…
එකම එකම එක බැල්මකින්..
මගෙ දෙසට හැරෙන කල්…
ඉමක් නැති ක්ෂිතිජයක්…
දිහා බලනා ලෙසට..
බලන් ඉඳලාම දැන්…
මට හරිම මහන්සියි…
පහසකින් නිවෙන කල්…
ස්පර්ශයෙන් වෙලෙන කල්…
හැල්මෙ දුවනා ගමන්…
මාව නෙත ගැටෙන කල්…
රැවටෙනා මිරිඟුවක්…
දිහා බලනා ලෙසට…
බලන් ඉඳලාම දැන්…
මට හරිම මහන්සියි…
හද ගින්නෙ බොහෝ කල්…
බුර බුරා නැගෙන දැල්..
නොදුටු ලෙස මා හෙලා…
පෙම තලා දමන කල්…
රකුසු වූ වේශයක්…
දිහා බලනා ලෙසට…
බලන් ඉඳලාම දැන්…
මට හරිම මහන්සියි…
අළු වෙලා නිවුන දැල්…
මැකී හිත වෙලා ගල්….
එපා පුහු මුසා බස්…
අලුත් වූ කෙනෙක් මන්…
මිහිරි බොරු කතාවන්…
අහන් ඉඳලාම දැන්…
මට හරිම මහන්සියි…
ඇරඹුවෙම නැති පෙමක්…
තිබුණේමෙ නැති පෙමක්…
පෙමක් ලෙස සිතූවක්…
හැරයන්න අවසරයි…
වෙන කිසිත් නොව කරුණ..
මට හරිම මහන්සියි…!
By Yasodara Premarathne