fbpx
9.9 C
New Zealand
Saturday, March 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජාතියට උපන් රතු ලේ…. | ගවිත්‍රී ‍යටිගම්මන – වෙලින්ටන්

Must read

ජාතියට උපන් රතු ලේ……. !!!

හීන හීයක් තුඩින් පපු කුහර,
වෙත ඇදෙන,
බැට කෑ ජාතියක පණ නල,
සොරා කෑ හිස්වල නම්,
ගලේ කෙටුව සේ….
අපරාජිතව හදවත් කොනේ,
ජාතියට උපන් රතු ලේ,
ගිනිදැල්ල නිවා දැමුවවත්,
අදත් අප හුස්ම ගන්නවා,
රණවිරුවනේ ඔබේ නාමෙන්.
තුවක්කුව හිසලන්න
උරහිස් උස්මහත් කර,
පුතණුවන් දායාද කළ
අම්මාට,
දරුවන් සමග කරට කර
අප්පච්චී එනතුරු මඟ බලපු,
බිරින්දෑට,
හිත ගාව තනි රකින්නට,
නුඹ සිතුවමක් තරමටම,
ඉස්තරම් බව,
කී ඒ පෙම්වතියට,
ආදරය පිදු සෙනෙහස අතර
තාම මග බලනවා
ඇති උන් හිටිතැන්ම,
නමුත්,
දිනන ජාතියක බලතල,
සාර වූ පොළොතල මත,
වැජඹුනා සත්තයි…
ඔබ නමින්
යුග ගණන් ඉදිරියට !!!

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.