පිය මත පිය තබා සිසිලස් වන මැදිනී…
දහදිය බිඳුහෙලා කඳු මුදුනට ඇදුනී…
මෙ අසිරි දැකගන්න මා පින් කළ ඇසිනී…
තව ලොව වෙන තැනක් ඇතිදැයි මට හැඟිනී….
විටෙක දි සැඩ සුළං – විටෙක දි හිම බිඳිතී…
විටෙක දි හිරු කිරණ – සියොළඟෙහිම වදිතී…
ඉඳහිට වැහිබිඳිති – රූරා ඇද හැලෙතී…
මේ හැම එකම දිනයක – ඒකයි විමතී…
මේ සුව ගතින් විඳ – සියැසින් දැක ගන්න…
රස අඳුනකින් නෙත් දෙක තුටු කරවන්න…
සුන්දර මතක අමුනා සිත සනසන්න…
හැකි නම් ඔබත් කඳු මුදුනට ගොඩවන්න…
By Udara Wickramasinghe