fbpx
9.3 C
New Zealand
Thursday, April 24, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

අපිත් අපිවම හොයනවා… | හේසදී නිරුත්මි පෙරේරා

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

උපන් දා සිට ලොවම දුටු විට
සියලු දේවල් හැගෙනවා
හැගෙන දේවල් සොයා යන විට
ඉන්ද්‍රයන් හට දැනෙනවා

දැනෙන දේවල් අයිති කරනට
සිතින් එය වෙත බැඳෙනවා
ඉමක් නොපෙනෙන මේ සසර අපෙ
තවත් දුරකට ඇදෙනවා

තනිවූ විට අපි හුදෙකලාවක
නිමක් නැතුවම සිතුවිලී
ගලා යයි නිල් ගඟක් මෙන් කලු
සිනිදු ගල් මත හැපි හැපී

දිවියෙ අරුතක් සොයන්නට අපි
වෙහෙස වූවත් මැරි මැරී
දිවි ගෙවන්නේ සෑමදිනකම
කෙලෙස් ගින්නේන් දැවි දැවී

එන්නේ කොහෙ සිටද
යන්නේ කොතනකට
සෑම දින අපි සොයනවා
නිමක් නොපෙනෙන සසර ගමනක
අපිත් අපිවම හොයනවා

Hesadi Niruthmi Perera – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.