fbpx
10.3 C
New Zealand
Friday, December 1, 2023

The Only Sri Lankan Community Newspaper in New Zealand

මහවැලිය දොඩමලුව – හේසදී නිරුත්මි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සමනොල කඳු මුදුනෙ සිට
ඇරඹෙනා නුඹෙ ජීවිතය
කොයිතරම් ලස්සනද
කියාපං මහවැලිය ….


මහවැලිය:
ජීවිතය සුන්දරයි
සොභා අසිරිය විඳින
පහලටම ගලමි මම
සොභා අසිරිය මවන


ගලන විට පහලටම
වියලි අතු කොළ කැටිව
මහා ගල් පර හමුව
සොඳුරු පෙන පිඩු මවන

දිය සුලිත් හංගලා
නිසල මතු පිට මවන
මගෙ දිවිය සුන්දර ද
කියාපං මට නුඹම ….

මහවැලිය නුඹ තමයි
ලොවට ජීවය බෙදන
නුඹත් හරි ලස්සනයි
ලොවක් සිතුවම් කරන

කටුක වූ දිවියෙ බර
බෙදා ගනු සිතා නුඹ
සයුරකට පෙම් බැන්දා ද
කියාපං මහවැලිය ….

මහවැලිය: පෙම් බැන්දා හෝ නැතා
විය යුත්ත එසේ විය
ලෝ දහම හමුව මම
කලපුවෙදි නිසල විය..


පද රචනය: හේසදී නිරුත්මි  
Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.