ආත්මය වෙලා ඇති
නුබේ මතකයේ බර
අමතක කරන්නට
දරමි වෑයම් …
මා පාට කර
හැඩට ඔපදැමූ
හද සිතුවමේ නුබ
කුරුටු ගෑ බලි
අකා මකා දමන්නට
දරමි වෑයම්…
ලස්සනට මල් ඉහුණු
මල් පාරේදී
බැරිවෙලාවත් හමුවුනෝතින්,
එපා මට ඔබේ සිනා
එපා මට ඔබේ කතා
නන්නාදුනනාසේ
ඉවත බලාගෙන යන්නට
දරමි වෑයම්
නුබේ මතකයන්
යළි යළිත් සපැමිණ
මා දවාලන්නට පෙර
මමම ඒ මතකයන් මකා
ඉදිරියටම යන්නට
දරමි වෑයම්.
ප්‍රියන්ති ඕපාත – ඕක්ලන්ඩ්