fbpx
7.7 C
New Zealand
Wednesday, August 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

භාවනාවයි ආනාපානසති | සාගර වික්‍රමසිංහ | රන්ගිඕරා

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හුස්ම ඉහළට ආයේ පහළට
නැවත ඉහළට නැවත පහළට
මිනිහ මැරිලා වසර පිරෙනවා
බණක් සමගින් දානේ වේලක්
රන්බණ්ඩා බැඳගන්න තිබුණනෙ
ඒකා තාමත් යසට ඉන්නවා
හුස්ම ඉහළට ආයේ පහළට
නැවත ඉහළට නැවත පහළට

එළදෙනගෙ කුළුඳුල්ම පැටියා
කඩාගෙනවිත් උරනවද කිරි
විසිපහයි ලීටරයක්ම දැන්
දෙකක් බිව්වොත් පනහ පනිනවා
හුස්ම ඉහළට ආයේ පහළට
නැවත ඉහළට නැවත පහළට

වත්ත හැමතැන පොලුත් වැටෙනවා
දෙළුම් කඩනවා රිලව් පනිනවා
කොන්ත්‍රාත් එක අරන් වාගෙ
ඇන්ටනා ටික රැගෙන දුවනවා
හුස්ම ඉහළට ආයේ පහළට
නැවත ඉහළට නැවත පහළට

උපාසක දානයේ හොද්දට
වැටුනනම් තව බිලිං අහුරක්
සෝයා මීටුයි පරිප්පුයි ටික
එනවා දැන්නම් උගුර ළඟටම
හුස්ම ඉහළට ආයේ පහළට
නැවත ඉහළට නැවත පහළට

රූං රූං ගාන සද්දෙ
හුස්ම එක්ක පිටවෙනවා
දොස්තරලත් ගිනි ගාණක්
පස්පංගුවෙ පිහිට තමයි
හුස්ම ඉහළට ආයේ පහළට
නැවත ඉහළට නැවත පහළට

පින්වතුනි දැන් නවත්වමු අපි
ගිලන්පස ටික ළග එනවා ඇති
මෙහෙම වෙර වීරියෙන් වැඩුවේ
භාවනාවයි “ආනාපානසති”

‭සාගර වික්‍රමසිංහ – රන්ගිඕරා‬

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.