පුරුද්දට නිතැතින්ම එයි සිනා දත් දෙතිස් විලිස්සී
අමුතු හැගුමකි අහක බලමින් යන මිනිස්සූ
කලක් ගත වුණා මෙය දැනගන්න හැගිස්සූ
පිටරටදි හමුවුණා මාර පොෂ් මිනිස්සූ
මගහැරැණු සබඳකම් සොයා සිත දිවෙව්වූ
මුණගැසුනු හැම එවුන් තමුන් මෙන් සිතෙව්වූ
එකට කා එකට බී උනුන්ටම විරිත්තූ
සබඳකම් රිදුම්දෙයි තැනින් හද කෙනිත්තූ
විදින අප ජීවිතය කෙටි බවක් මන නොදැන්නූ
රඟති රැඟුමන් සිතා උන් තමා මිනිස්සූ
බුදුරදුන් දෙසු දහම නොදැන වුන් හිතැත්තූ
උස් පහත්කම් මැනුනි කඳෙන් බර මිනිස්සූ
සම දහම වැඩිපුරම පන්සලෙත් ඉලිප්පූ
කවටයන් සේ පෙනුණි ලොව දහම නොදන්නූ
තඩි රෝද හතර දැක උන් තැනත් අමතකවූ
හාමුදුරුවො දිව්වා පිළිගන්න බර ඇති මිනිස්සු
තිත තබමි සිතුවමුත් තුටු කෙරුම අනුන් සිත්
දනිමි භව බියකරුය එක භවෙන් දිවි ගෙවූ
සසර භව කෙටි කරගැන්ම තදින් සිත තිගැස්සූ
සිනා සෙමි සම සිතින් හෙට දිනත් දසන් දී
සෞම්යා තිසේරා, ඕක්ලන්ඩ්