fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

මිනිසාට, මිනිසකු වෙන්න ඉඩ දෙන්න | ම. ග. බ. සෙනෙවිරත්න | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පිපෙන්න පුළුවන්ද මට මලක් වී – අහිමි සිතකට සුන්දරත්වයක් වෙන්න.

වහින්නට පුළුවන්ද මට හඬමින් – වියළුණු හදවත් සීතල කරන්න.

ඉරක් වෙන්න පුළුවන්ද අඳුරට – නොදැන යන මඟකට එළිය දෙන්න.

ඉදෙන්නට පුළුවන්ද මට බතක් වී – කුසගිනි දරුවෙකුගේ බඩ කට පුරවන්න.

හිතේ සඟවාගත් කඳුළු බිඳක් – ප්‍රීතිය මුසු හිනාවකට හරවන්න.

 

රැඳෙන්නට පුළුවන්ද කඳුළු පිරුණ ඇස් අතර – ආදරේ කණිසමක් වෙලා.

තනිවෙලා හඬන ලෝකයට – මිතුරෙකු වෙලා සැනසීම දෙන්න.

පිපෙන්න පුළුවන්ද මට මලක් වී – අහිමි සිතකට සුන්දරත්වයක් වෙන්න.

මරණයත්, ජීවයත් අතර හුස්ම ගන්නා – බිඳුණු හිතකට ජීවයක් වෙලා.

 

නිදන්න පුළුවන්ද මට සොඳුරු සිහිනයක් වී – නොසිතූ නොලැබූ සතුටක් තුළ ගුලිවෙලා.

ගැයෙන්න පුළුවන්ද මට හඬක් වී – ලෝකයම එකතු කරන ගීතයක් වෙලා.

මටත් හැකි නම් මේ ජීවිතේ – සුන්දර ලෝකයක් තැනීම වෙනුවෙන්ම දිවි දෙන්න.

 

ම. ග. බ. සෙනෙවිරත්න – ශ්‍රී ලංකාව

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.