ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන රිසින්
පෙරමග බැලූ ඇස් දෙක දැන් වැසී ගිහින්
උණුසුම සෙනෙහසද අප හට බෙදූ නිතින්
ගෙයි එලි කළ පහන් සිල අද නිවී ගිහින්
නියතයි සැමට මේ දිවියෙන් නික්මීම
පැතුවයි නුඹට අම නිවනෙන් සැනසීම
හිමියන් දෙසූ දම් පදවැල් අතරේ ම
පැන් කෙණ්ඩියෙන් කඳුලැලි ගැලුවා බෝම
අත්වැල නුඹම විය දිවි මග ජය ගන්ට
අත්වැල වීය වෙහෙසට සවියක් වෙන්ට
අත්වැල වුණිමි මම නුඹ වියපත් දාට
අත්වැල අත් හරිමි නුඹ ගෙන් සමුගන්ට
හිස් වු ලොවේ ගණඳුර වෙත දෑස් අයා
ඉකිබිඳ හැඩිමි තරු ලකුණක් වේද සොයා
සිහිනෙන් ඇවිත් හිස පිරිමැද කියා ගියා
මා නිදි සුවෙන් කිම නෙත කඳුලැලින් ඔයා