මලක තවරලා පිනිදිය
එයින් අරගෙන හිනාව
ගැහෙන හදවත මිටට මිටි කොට
ඔතාලා මුළු දහිරිය.
ලෝකයක හිත හිනා අහුරක
වෙලා-සොරකම් කළ නුබ
සොඳුරු ඇස් අග වෙහෙස සඟවා
හදවතින් කළ ඉනාව.
ගසක් සේ විඳ දරා දිරියෙන්
තනා දී මල් ගුලාව
රටක් නැඟුමට ඉවක් වේ නම්
මෙයත් වේ ඒ කලාව.
නයනශාන්ති දිසානායක – කිරිඳිවැල, ශ්රී ලංකා