කළුවර වැටෙන්නේ භවස හතරට
සීතල දැනේ අත පය ගැභෙන්නට
ටක ටක ගා වැටෙන්නේ අයිස් කැට
ගිනි තපිනවා මිස බැහැ නිදන්නට.
කුකුළන් නැතිය අලුයම භඩලන්නේ
මැලි කමටයි ගුලි වී නිදියන්නේ
දහයෙන් පසුවයි ඉර පායන්නේ
කොභොම ද වැඩ පලක් කරන්නේ.
සමහර ගස් ඇතිය ඇට සැකිළි වෙලා
මීමැසි සමනලුනට නැහැ මල් පිපිලා
සියොතූ සරති තද කුස ගිනි දැනිලා
බත් උළු දෙන්න, බත නැහැ පැහිලා.
අසල්වැසි ඇසුර තරමක් සීමිතය
සැප තිබුණට මට නැහැ මගෙ ජීවිතය
ඉවසිය නොහේ සුළගේ පීඩනය
නිරතුරුවම එන්නෙ මී දුම් දුමාරය.
කම්පනයෙනි ගේ දොර දෙදරන්නේ
උතුරන වතුරයි පොළවෙන් එන්නේ
හිතුනොත් මා ලංකාවට යන්නේ
පූරුවෙ පවකටයි අප මෙහි ඉන්නේ.