තිබ්බ
ගත්ත
බේ ර ගත්ත
මම මුල්වරට
ඉස්සෙල්ලම
අම්මගෙ ,
කිරිඋරන කො ට, දැක්කෙ
අම්මගෙ ඇස් දෙක නෙවෙයි
බෙල්ලෙ බැද තිබුණ
ලස්සන
බෙරලියන්තුමාලෙ.
ඒත්,
මම ,
ලො කු උනාම,
ඒ ලස්සන ඛෙරලියන්තු
මාලෙ ,
දැක්කෙ නැහැ.
ආයෙ ත්,
බෙරලියන්තුමාලෙ, දැක්කෙ,
ඉස්කෝ ලෙ
යන කාලෙ.
සරසවියට-
තේ රුනාදා,
අම්මගෙ බෙල්ල,
පාළුයි.
කෝ අම්මෙ_ මාලේ ?…..
විභාගෙ පාස්වෙලා එන්නකො ,
පුතා, ඔයා රස්සාවක්කරනකො ට, මාලෙ,
කරට ඒවි.
ඔයාට වියදම්කලා,පුතේ
තිබ්බ
ගත්ත_ ඔයා
බේ ර ගන්නකො .
මගෙ ජීව්තේ ම, අම්මගෙ,
බෙරලියන්තුමාලෙ.
හරිලස්සනයි
මම, ආයෙ _
දකින්න ආසයි.
බේ ර ගන්නවා, අම්මෙ.
අප්පච්චි, අම්මගෙ
කරට දාපු,
බෙරලියන්තුමාලෙ.
තිබ්බ,
ගත්ත,
බේ ර ගත්ත.
පළමුවෙනිපන්තියෙ,
උපාධියක්.
අම්මගෙ,
කදුළුවලට
බෙරලියන්තු
මාලෙ දිලිසෙනව.
ජී. එස්. පෙරේරා – ඕක්ලන්ඩ්






