අම්මි දන්නවද අද
ඉස්කෝලෙ වෙච්ච් දේ…
යන්න දුව වොෂ් රූම්
පස්සෙ කියමුකො ඕව.
මට හරිම මහන්සියි
අද ගොඩක් වැඩ වැඩියි
අනේ අම්මි ටිකක්
අහන්නකො කියන දේ..
යන්න ළමයෝ අහට
කිවුවා මට මහන්සියි.
එන්න දුව බත් කන්න
ඔයා ආසම කෑම.
කියවන්නෙ හෙම නැතුව
කන්න බත් ඔක්කෝම
මොකද ඔය නිදාගෙන
නැද්ද අද ගෙදර වැඩ
මෙහෙ එන්න සාලයට
කියන්නකො මොකද වුණේ
නෑ අම්මි මොකුත් නෑ
මට ඒක මතක නැ
මම බයයි කියන්නට
අම්මි ආයෙත් බනියි.
යමුනා පලිහවඩන – හැමිල්ටන්