තනිව ආ මග නිමා කරලා
ගලන කඳුළට යන්න කියලා
බිදෙන පැතුමට හුස්ම පොවලා
නුඹයි ආවේ …
වසන්තේ මල් පොකුර අතලා
අතීතෙට සමුගන්න කියලා
සතුට හිස මත ඔටුණු සදලා
සෙවණ වී ලග ඉන්න සිතලා
නුඹයි ආවේ…..
වසන්තේ මල් පොකුර අතලා
යුග ගනන් මා සිතම පතලා
යනෙන තැන හිද මාව රැකලා
මගේ හිමිකම දෝත දරලා
නුඹයි ආවේ ….
වසන්තේ මල් පොකුර අතලා
සදා ලංවී ඉන්න බැදිලා
අතරමග අතහැරී නොයනා
ආදරේ රන් මුදුව පළඳා
නුඹයි ආවේ….
වසන්තේ මල් පොකුර අතලා
බුද්ධිකා පෙරේරා- මවුන්ට් කුක්, වෙලිංටන්






