fbpx
14.2 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පොසොන් සඳ – ඉන්ද්‍රා දයාමණී කොළඹගේ ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මිහින්තලාවට ඉහලින් ගුවන පුරා 

පොසොන් සඳ දිලෙයි පතුරා රැස් දහරා

ඇහැළ ගහක් ගානේ කහ පැහැය දරා

දිදුලයි මල් පොකුරු ඒ සිල් සුවඳ උරා

 

නුඹ කුස දිළෙන සඳ කුමරිගෙ රැස් ලීලා

පැතිරෙයි සාදු නද සමඟින් මුසුවීලා

නාහිමි මිහිඳු වැඩහිටි කඳු මුදුන බලා

පාවෙයි හිම කැරලි මෙන් සුදු පුළුන් වලා

 

මහමෙවුනා උයනෙ තුරු සෙවනක් ගානේ

ඉද්ද මලින් වැසුවා මෙන් සුදට පෙනේ

සන්සුන් ලෙසින් හිඳිනා සිල් ඇත්තන්නේ

වත දැකුමටයි හිරු සඳු දෙක මතු වෙන්නේ 

 

පඩියෙන් පඩිය නැඟ අරලිය ගස් අතරේ

සැදැහැ සිතින් නැඟෙනා නෙක හඬ අතරේ

මා හැර දමා හිත දිව යයි නිරන්තරේ

අම්මා සමඟ යා හැකි නම් අනුරපුරේ

 

ඉන්ද්‍රා දයාමණී කොළඹගේ
ඕක්ලන්ඩ්, නවසීලන්තය

Indra Dayamani Colombage – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.