නිසොල්මන්ව නිල් දිය දහර
සිටියද සීරුවෙන්
එක නිමේෂයකින් හැකිය
හමා එන්නට සැඩපහර
නැගුණු නැව් ගුරමෙන්
සන්සුන් වූ නිල්දිය
රැළි නැගී නටාවී
කියන්නට ඒ උජාරුව
යන මග සැඩපහර එක්කර
දෙවී නව අරුතක් නිසොල්මනට
වසන්තයේ තවත් එක් දිනක
රුවල් නැගී යන නෞකාව
නිල්දිය මත මවයි
නෙක නෙක රටා
අප ඇස් පිනා
රැගෙන යන්න ආදරයෙන්
නිසොල්මනය නික්ම
නිරන්ගි වාසනා – වෙලින්ටන් නුවරින්