නියපිටට
ගත් පස් පිඩේ
වැලිකැටය වීමට
වරම් ලැබුණා
අග පසඟ අඩු
නැතුව පිහිටා
මෙමනු ලෝකේ
උපත ලැබුවා
ලැබූ සම්පතෙ
අගය නොදැනිම
අහෝ දිවියම
දියවි යනවා.
සසර බිය හොඳ
හැටිම දනිතත්
එතෙර වීමට
සිතක් නැතිව
ඇසට පේනා
නරා දුක් මැද
සැපක් දිනයක
පතනවා
නොලද සැපයක්
ඇතැයි සිතමින්
මිරිඟුවක
ලුහු බඳිනවා
තුන් සිතක්
සතුටින් තබන්නට
පසිඳුරන් නිති
වෙහෙස ගන්නෙ
රාග, ද්වේශා, මෝහ
සිතුවිලි
සසරටම බැඳ
තබාගන්නේ.
තමන් යන තැන
ගමන් මග
අපි අපිම මේ තනා
ගන්නෙ
සිහිය බුද්ධිය
තබා පෙරටුව
ගියෝතින්
මරු මුළා වන්නෙ
යමුනා පලිහවඩන – හැමිල්ටන්






