මගේ හිත කියවපු
මගේ හිත නලවපු
මගේ හිත සනසපු
මගෙ දෙවෙනි තාත්තා
දෝතින් ම අරගත්ත
ආදරෙන් සිප ගත්ත
මලක් මෙන් මා රැක්ක
මගෙ දෙවෙනි තාත්තා
දුක එබෙන කළ හිතට
සිනා මල් පෙති ඉස්ස
කනට මී පැණි පෙව්ව
මගෙ දෙවෙනි තාත්තා
මහමේරු පපු තුරේ
ආදරේ හිර කරන්
මා එක්ක සසරෙ ආ
මගෙ දෙවෙනි තාත්තා
හංසි ගුණසිංහ – හැමිල්ටන්