සැව්ලිඳු හඬලයි, පෙරඹර දිදුලයි
සමනොළ සිඹිමින්, හිරු දෙවිඳු වඩියි
පිනි පලස දිලෙයි, මල් කෙමි පිබිදෙයි
සෙත් පිරිත් හඬක්, ගුවනට මුසුවෙයි
සුබ උදෑසනක් මුළු ලොවට පිදෙයි
අම්මා හනිකට, ලිප ගිනි මොලවයි
කිරි දිය මුසු වී, කිරි බතක් ඉදෙයි
පින් බර දරුවන් කුල දෙවි නමදියි
නෙත පොතට යොමයි, නුවණැස පහදයි
සවි බල අතගත්, සවි ඇති මිනිසුන්
කඩිසර ගමනින් රන් කෙතට ඇදෙයි
සුරංග දසනායක – ඩනිඩීන්






