කන වැකුන සැන පුවත – රුවාගෙන සිත පතුල
නුඹේ වග දැන ගනුව – වාට්ටුව වෙත ආමි
දෙනෙත් හැර මා දෙසට – දසන් පා යුහුසුළුව
සිහින් රතු මිසී මගෙ – නෙතට දුන් පණිවිඩය
නොවේ මේ දර්ශනය – නොවේ මේ දර්ශනය
අඳුරු කාමරය අග – දෙනෙත් රතු වී දිලෙන
උඩු රැවුල් කළු මහත – ඔහුට මගෙ නම කියා
අහවලා පෙන්වන්න – කිව් සොඳුරු ඒ අයුර
ඇගේ ඒ මිහිරි බස – ඇය පැවසු ඒ අයුර
නොවේ මේ දර්ශනය – නොවේ මේ දර්ශනය
රළු පරළු බඩ මහත – සිනා නැති මොහු සමග
යන තැනක වෙද සතුට – කියා මට නොම සිතුනි
ඇගෙ වදන් සිත තුළට – හෙලු බැල්ම හස රැල්ල
නොවේ මේ දර්ශනය – නොවේ මේ දර්ශනය
මගෙ පපුව පිම්බුනේ – සිනාවක් නැති නුඹේ
මුව උඩට හොවාගෙන – මිනී ගෙයි සිටිනු දැක
අටේ පන්තියෙ ඉඳල – දිගු කලක් අප දෙදෙන
මොන නැටුම් නැටුවේද – පාසලේ පංසලේ
කඳුළු වී මතකයන් – මුව පුරා ගලා යයි
හද හඬා සැලි සැලී – ශීතලව මා ගැහෙයි
By D. Amarasiri Gunawardena