මගේ දරුවෙක් වගේ හෙළදිවේ මගේ දරුවෙක්
මව්බිම වෙත ගියා අවුරුදු දෙක තුනකින්
ඉල්ලුවේ නෑ මුකුත් ගුරුවරයෙකු වශයෙන්
අගනා පොතක් ගෙන ආවා මා වෙනුවෙන්
පොතපත අතට ගන්නා කාලය ඇවිදින්
ඇස් පිය නොහෙල්ලා හෙළයනි කියවාපන්
සාහිත්‍යයට ඔබගේ මන යොමු කරමින්
නව යුගයක් බිහි කරව් ලෝකෙම ජය ගනිමින්
ගුරුවරයෙකු වශයෙන් පුදුමයි මා ඔබට
දිය යුතු දේ දුන්නා මට සැක නැතුව
මෙය ආදර්ශයට ගෙන වැඩිහිටි ඔබ හැවොම
දෙන්න පොත් මිටක් හැම දූ දරුවෙකුටම
ක්‍රිෂාන් ගාල්ලගේ, ඕක්ලන්ඩ්