fbpx
8.2 C
New Zealand
Monday, September 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

පොහොයක අරුත | අජන්තා දයාරත්න | ඇවොන්ඩේල්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

දුටුවේද ජීවිතයේ අනිතබව
පුදදුන් මලකින් දල්වූ පහනකින් කියනා…

ගලනා වෙසක් සඳ එළියෙන්
අහුලා වියැලී වැටුන බෝපත්
පිරිසිදු කළ පහන්
පුරවා අත් තෙලින්
දල්වා පහන් වැට…

විසිරුණු පරමල් පසෙක ලා
පැනින් දෙවූ සුදුමල්
පුදකළෙමි මුනි සිරිපා මුල…
බුදුකුටිය පසෙකට වී

අනන්තවූ බුදුගුණ සිහිපත් කරමින්
කළෙමි බුදුසමිදුනට පුදමන්….
හද පිරුණු බැතියෙන්
යොමු කළෙමි මා නෙත් යුග

මෙත් මුදිතා කරුණා ගලනා
ඒ බුදු ඇස දෙස…
බලා සිටින්නාසේය මා දෙස
අපරිමිතවූ කරුණාවෙන්

අසන්නාසේය බුදු පැනයක්…
පතුරන්නේද මෙත්සිත්
වෙහෙර මළුවෙහි රැදුන
හිතවත් අහිතවත් සැමට එකසේ…?

දුටුවේද ජීවිතයේ අනිතබව
පුදදුන් මලකින් දල්වූ පහනකින් කියනා…?
සවන් වැකුනු එකදු බණපදයකින් හෝ වටහාගත්තේද අරුතක්
නිවන් මගට දොරගුළු විවර කරනා…?
නමදිමි දියනදුනි යළිත් බුදු සිරිපද
පසක් කරගත් බව කියන්නට
වෙසඟෙහි නියම අරුත….

අජන්තා දයාරත්න – ඇවොන්ඩේල්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.