තරු වටා දිලෙන විට
සඳ විසල් හිස් අහසේ
රැලි රඟයි සයුරු ඉම
සිසිල ගෙන සඳ පානේ…
කවි හෙමින් අකුරු වෙයි
සඳට පෙම් බැදි තාලේ
දුටුවා හිනැහෙන තරුව
දුරක සිතිජය මානේ…
අමාවක කළුවරයි
සඳ නොමැති වූ කාලේ
සිසිලස ද සඳ කිරණ
සිතිජයට යන පාරේ…
අළු පැහැති ආවාට
සඳට හැඩ දුන් ආරේ
පුන් පෝයේ හැඩ තමයි
හැංගුනත් සඳ අහසේ…
By Anu Weerakoon – Wellington