Home Poems ගිම්හානය – (The Summer) By Prarthana

ගිම්හානය – (The Summer) By Prarthana

0
ගිම්හානය – (The Summer) By Prarthana



ගිම්හානය නිමා නොවුණු 
රුදුරු කටුක මාරුතයේ
වසන්තයේ තාරකාව
ඇයි නුඹ අහසේ පිපුණේ

දෝත පුරා නුඹ අරගෙන
නුඹේ සිසිල විඳගන්නට
අත පොවන්න බැරි දුරකින්
ඇයි නුඹ වෙන්වී ඉන්නේ

නුඹ ඈතයි හරි ඈතයි
ඇයි හිත රිදවාගන්නේ
එපා තරුව පායන්නට
රුදුරු කටුක ගිම්හානය

ප්‍රාර්ථනා

NO COMMENTS

error: Content is protected !!