ලන්සු තැබුවේ නැත
අපි ඔබට කිසි දිනේ
මව්පියන් හැර දමා
ලෙන්ගතුව අප ළගට
සවිමත්ද මේ තරම්
පෙර සසර වූ බැඳීම්
දුහුල් රෙදි කඩක් මත
වරින් වර අතින් අත
ආ දුරක් ගව් ගණන්
උරුම විය අන්තිමට
සෙනෙහසින් පිරී ගිය
අපේ ගෙපැලේ ඉඩක්
විදුලි බිල් වතුර බිල්
වරිපනම් කෑම බිල්
එවැනි කිසිවක බරක්
නැත ඔබේ හිසමතට
වෙලාවට බෙහෙත් ටික
සීතලට හීටරය
සෙල්ලමට නොයෙක් බඩු
තනිකමට හාදුවක්
යාළුවන් බලන්නට
වරින් වර පොඩි ගමන්
හය හතර ඉගෙනුමට
හොදම හොඳ සිප්හලක්
ගතවුණා වසරක්ම
තුලාවට නැග්ගහම
කිලෝ තිහ වුණා
හැඩරුවත් ඒ වගෙම
දිනෙන් දින වැඩි වුණා
පිටු ගණන් ලිවිය හැකි
හොඳ පුරුදු ඇති වුණා
අත හරිනු කෙලෙස අපි
අපේ ඇති මේ බැඳීම්
ඉන්න දිවි තිබෙන තුරු
‘මාෂ්මෙලෝ’ අපි අතර
සාගර වික්‍රමසිංහ – රන්ගිඕරා