fbpx
15.8 C
New Zealand
Thursday, August 13, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

හැමිල්ටන් ථෙරවාද බෞද්ධ විහාරය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හැමිල්ටන් ථෙරවාද බෞද්ධ  විහාරයෙහි වාර්ෂික වස් ආරාධනය 2025 ජූලි මස 05 වැනි දිනට යෙදී තිබුණි. විහාරවාසී ස්වාමීන්වහන්සේලා විසින් පැමිණි දායක පිරිස පන්සිල් ගැන්වීම හා අනුශාසනා කරනු ලැබීමෙන් පසු  විහාරාධිපති පූජ්‍ය දුනුවිල මෙත්තෛයිය ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ ආරම්භය හා නවපරිශ්‍රයට පිවිසීම තෙක් ඉතිහාසය කෙටියෙන් විස්තර කළසේක. අනතුරුව  විහාරස්ථානය වසර කිහිපයක් තිස්සේ මහත් උත්සාහයකින් ලබාගන්නට කටයුතු කළ නව ගොඩනැගිල්ලට ‘නගර සභා අනුමැතිය’ ලැබී ඇති බව දායක දායිකාවන් මහත් ප්‍රබෝධයකට පත් කරවමින් හෙළි කර සිටියහ. මේ  කාර්යයයේදී අනුපමේය කාර්ය භාරයක් ඉටු කළ පසුගිය හා පවතින භාරකාර මණ්ඩලය සාමාජිකත්වය ඇතුලු දායක දායිකාවනට උන්වහන්සේ ඉමහත් කෘතඥතාවය පළ කර සිටියහ.

ඉදිරි කාලයේදී  නගරසභාවේ කොන්දේසි සපුරා ගනිමින් විහාරස්ථානයට අවශ්‍යව ඇති ගොඩනැගිල්ල සැදීමේ කාර්යය ගැන සැලසුම් කරගතයුතුව ඇති බව මතක් කර සිටියහ. ගොඩනැගිලි සැලසුම හා ඊට අවශ්‍ය වන වැය සම්පාදනය කර ගැනීමට අරමුදලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ද උන්වහන්සේ මතක් කර සිටියහ.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.