fbpx
9 C
New Zealand
Sunday, October 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සියය සැපිරූ සත්සර රාවය…. | සුරංග දසනායක | ඩනීඩින්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මා මිතුරු ඉනාස් සමග දොඩමළු වූ සුන්දර සන්ද්‍යාවකි. ඉනාස්ගෙන් යෝජනාවකි, රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කළා නම් මරු, ඔය සින්දු ගැන කතා කරන දේවල් ටික ගුවනට මුසු කරන්න. මගේ මුහුණේ පැනරුතකි. ‘තැනක් තියෙනවා මන් කතා කරන්නම්’ නැවතත් ඉනාස්ය. මගේ මුහුණේ සිනාවකි. වසර විස්සක් තිස්සේ මගේ සිතෙහි සැගවුණු බලාපොරොත්තුවක්, සංගීතමය ගුවන් විදුලි වැඩසටහනක්, නිවේදකයෙක් යථාර්ථයක් වන්නට යන්නේය.

සතියකට දෙකකට පසු මට දුරකථන ඇමතුමකි. ඒ අරෛනා ය. ඔටාගෝ ඇක්සෙස් රේඩියෝහි වැඩසටහන් සම්පාදකවරියකි. සංවාදය පැයකට ආසන්නය.වැඩසටහනේ අරමුණ බිහි වුණේය. ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය වූ 70,80,90 දශකවල බිහිවුණු ගීත තුළින් ඒ ගී ඇසුවන්ගේ මතකය ආවර්ජනය කිරීමය. නිතර නොඇසෙන ඒ මියුරු ගීසර නැවත ගුවනට මුසු කිරීමය. නෑසූවන්ට ඇසෙන්නට සැලැස් වීමය. වැඩසටහනට නමක් නැත. ආකෘතියක් ඇත. ඒ එකල. එනම් අසූව අනූව දශකවල. පෞද්ගලික එෆ්. එම්. නාලිකා අරම්භ වීමට ප්‍රථම ගුවනට මුසුවූ ‘නිවේදක තෝරයි’ ගීත වැඩසටහනය. දින කීපයකට පසු හදිසියේම වැඩසටහනේ නම මනසට පැමිණියේය, ‘සත්සර රාව’. ඉන් දෙසතියකට පසුව, එනම් හරියටම දෙදහස් විසිදෙක වසරේ නවම් මස විසි දෙවැනි දින ප්‍රථම ‘සත්සර රාවය ඩනීඩින් නගරයෙන් ගුවනට මුසුවුයේය. හඳුනන, නාදුනන , නෑසිය හිත මිතුරු ඇතුළු බොහෝදෙනෙකු ඒ ගී සමුච්චය තුළින් තම අතීතයට පිය මැන්නෝය. එතැන් සිට සතියක් පාසා බුධ දින පස්වරු හතට හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සරණියක් ගුවනට මුසුව එන්නට වුයේය. පසුගිය ජනවාරි විසිහතරවන දින සියවෙනි වරටත් එවන් මියුරු ගී සමුච්චයක් ගුවනට මුසු වුයේය. ලොව දසත විසිරී සිටින සිතින් තම මව්රට සිටින ලාංකිකයෝ සියවෙනි වරටත් ඒ ගී මිහිර විදිමින් තම අතීතයට පියමනින්නට ඇත. නොකඩවා වැඩසටහන් සියයක් තුළින් ගීත සිය ගණනකින් හදවත් දහස්ගණනක් එක්කළ සත්සර රාවය. ‘මා නිවත්ත අභික්කම (නොනැවතී ඉදිරියට), මගේ සිත මට කොදුරා කියයි. අවනතව මසිතට නොනැවතී යමි ඉදිරියට. මෙතෙක් ඔබ නොඇසුයේ නම් සත්සර රාවය බැතිසිතින් ඇරයුම් අසන්නට, OAR FM live streaming හෝ සත්සර රාව podcast ඔස්සේ.

නැවත තුති සොයුරු ඉනාස්ට. පියවර සියයක් යාමට දිරිදුන් සැමට තුති. වෙසෙසින්ම පිය පතිනිය ඉන්දිකා ට, දරු දෙදෙන, රුවිඳු සහ රන්දිකට. තවද වැඩසටහන ඇරඹීමට දිරිදුන් දුලාරි සහ නිශාන්ත නාමල්ගොමුවගේ යුවලට, වැඩසටහනේ ගුණදොස් ගෙනහැර දැක්වූ මහැදුරු කෝකිලා කෝණසිංහ සහ දර්ශනපති අනුපමා ගුණසේකර මැතිනියන්ට. වැඩසටහන සමග නිරන්තරයෙන් රැදෙමින් වැරදි නිවැරදි කරමින් දැනුම සපයන ආචාර්ය දුමින්ද කුරුප්පුආරච්චි මැතිදුන්ට සහ මගේ ආරාධනය පිළිගෙන වැඩසටහනට පැමිණ, ඔවුන් ප්‍රිය කළ ගී තුළින් මතකයන් අවදි කළ ප්‍රවීණ ගේයපද රචක ප්‍රියානන්ද විජේසුන්දරයන් ඇතුළු සහෘදයන්ට සහ සුහදිනියන්ට ද පුදමි තුති මල් මිටක්.

By Suranga Dassanayake – Dunedin

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.