වසර කහිපයකට පසු෴෴෴
කෙටි නින්දක සිටි වන්දනා තිගැස්සී ඇහැරුනේ ගුවන් පර්යන්තය තුළින් නිකුත් වන ගුවන් ගමන් නිවේදනයත් සමගය.
සුව නින්දක සිටි කුඩා පුතු ද තිගැස්සී ඇහැරුනේය. තමන්ගේ ගුවන් යානයට තවමත් සුළු වේලාවක් ඇත. රාත්‍රිය එළඹ ඇතත් ඩුබායි ගුවන් තොටුපල තුළ ඉතා කාර්යබහුල විය.
කෝපි කෝප්පයක අවශ්‍යතාවය ඉතා තදින් දැනුන වන්දනා තම අත්බෑගය ගෙන පුතණුවන් සමග අසළ ඇති කුඩා අවන්හලට පියනැගුවා.
කෝපි කෝප්පය ඇනවුම් කර වට පිට බැලු ඇයට හිද ගෙනීමට තරම් ආසනයක් පෙනුනේ නැත. අවන්හල කුඩා වූවද බොහෝ පිරිසක් එහි කෝපි පානයට පැමිණ සිටියහ. තම කෝපි ඇනවුම රැගෙන නැවත හැරනවාත් සමග ඉතා වේගයෙන් දුව ආ කුඩාදැරියක් තම ශරීරයේ වදිනවාත් සමග නොවැටී බේරුනේ දශමයෙනි. කෝපි කෝප්පය බිම වැටිනි.
“Ohhhh no”
“Mommy…. Are you ok mommy?”
“Yes my dear my coffee fell off. Let me quickly go to wash room and come you stay here ok”
“Excuse me we are really sorry”
තම කමිසය පිහිදමින් පැමිණි වන්දනා තිගැස්සී හිස ඔසවා බැලුවාය.
වන්දනාගේ දෙසවන් තුළ හඩ දෝංකාර දෙන්නට විය.
හදවත පතුලින් රිදුමක් ඇතිවී නැති වී ගියාය.
කුඩා පුතු ඔහුත් සමග හරිහරියට කතාවක පැටලීය.
“අභිමන්යූ”
ඔවුන් දෙදෙනාම එකවර ඇය දෙස බැලුවෝය.
තම ශරීරය පණ නැති වී එනවාක් මෙන් දැනුන වන්දනා අසළ තිබු අසුනට බර විය෴෴෴෴
ඔහු මා හැදින ගත්තා. වේල්ලක මෙන් කඩා හැලෙන කදුළු කැට නවතා ගැනීමට නොහැකි විය.
“Please don’t cry I hate to see your tears”
ඒ ඔබය, සිනාසෙන්නට මට කියා දුන් ඔබය.
“වන්දනා”
ඔහු දුටු මුල් දිනයේ සේම මා ගොළුවකු මෙන් බලා සිටියේය.
ඔහු අසන්නට යන එකදු ප්‍රශ්නයකට මාහට පිළිතුරු නොමැත.
“Little girl who run over to you, she is my daughter”
“Ohh it’s alright”
“Your son he is super adorable. Handsome boy like his dad I hope”
“Hmmmmm”
“Abhi We are looking for you everywhere let’s go we have to checking now”
“Daddy don’t forget to get my ice cream”
“You both go I’ll be there soon”
එසැනින් නිවේදනය වූයේ අපගේ ගුවන් යානයට මගීන් කැදවීමේ දැනුම් දීමය.
අභිමන්යූ,” let’s go darling”
“Are you travelling alone”
“Vandana talk to me it’s almost eight years”
“Why you doing like this to me”
“What I have done
“කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා”
Abhimanyu” please let me go”
“No I don’t. I need answers”
“Answers for what ? What is the purpose”
මට නොදැනීම කෑ ගැසුනේය.
මා අසළට පැමිණි අභිමන්යු මා තදින් වැළද ගත්තේය.
“දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා”
“I’m sorry please don’t ask me anything. Let me go”
ඔහු මා අතහැරියේය. කෙටි වේලාවක් මා දෑස් දෙස එක එල්ලේ බලා සිටි ඔහු කුඩා අභිමන්යු ළගට ගෙන තදින් වැළද ගෙන ඔහු පැලද සිටි මාලය කුඩා අභිමන්යූගේ ගෙලට දමා කිසිත් නොකියා යන්නට ගියේය෴෴
මා විසින් මීට වසර කිහිපයකට පෙර ඔහුට දුන් මාගේත් ඔහුගේත් මුල අකුරැ රැදි රන් මාලය විය෴෴෴
“කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා”
තවත් එක් මංසලක ඔබත් මාත් එලෙස වෙන්විය෴෴෴෴
“මා මියන තුරු ඔබේ ආලය
සගවගෙන මා හදෙහි පතුලෙම
සුසුම්ලන්නම් දෙස බලා අප
ආදරයෙ ජීවමාන වස්තුව”
හදේ ගැඹුරුම තැනක තනි වූ ඔබේ මතකය එලෙස නිමා විය෴
මෙය මා කුළුදුලේම ලිවීමට ඇරබූ කෙටිකතාව විය. බොහෝ දෙනෙකු ඉතා ආදරයෙන් වැළද ගත් අතර පෞද්ගලිකව පණිවිඩ මගින් ඔවුන් කෙතරම් ආසාවෙන් එහි කොටස් සියල්ල කියවීමට බලාපොරොත්තු වන බව දන්වා එවා තිබුණි෴
වන්දනා, රන්දොළු, අභිමන්යු වැනි චරිත සමාජයේ අප අතර කොතෙකුත් ඇති අතර ආදරය අප කවුරුත් කතා කිරීමටත් විදීමටත් කියවීමටත් කැමතිය. ජිවිතයේ අවසන් හුස්ම වැටෙන තුරු ආදරයට ආදරය කරන්නේය. එය දෙමාපියන්ගේ ආලය, සහෝදරයන්ගේ ආලය, යහළුවන්ගේ ආලය, ස්වාමියාගේ බිරිදගේ ආලය , දරුවන්ගේ ආලය යන එකීමෙකී නොකී බොහෝ ආදර කතා අප ජිවිතවල ඇත්තේය෴෴
අවසානයේ මා දිරිමත් කර, විශ්වාසයෙන් මාගේ කතාව ශ්‍රි ලංකන් පුවත් වෙබ් අඩවියේ පල කිරීමට අවස්ථාව ලබා දුන් ආදරණීය අනූ අක්කාටත් කතාව පල කිරීමේ දී එය නිවැරදිව කරනා අයුරු ඉතා නිහතමානීව කියා දුන් CJ සහෝදරයාටත් මම හදවතින්ම ස්තුති වෙමි෴෴
ජිවිතයේ සිතින් නොවැටී සිටීමට සැමවිටම ශක්තිය ලබා දෙමින් මා දිරිමත් කර, ඉතා ආසාවෙන් ආදරයෙන් මාගේ කෙටි කතාව කියවූ මාගේ පියා, මව ඇතුළු මාගේ සහෝදරියන් ඇතුළු පවුලේ සියලුදෙනහට මාගේ ප්‍රණාමය෴෴෴